ප්රිවෙට්
ඩ්රයිව් මාවතේහි අංක හතර දරණ නිවසේ එදිනද උදේ ආහාර මේසයේදී මත භේදයක්
ඇති විය. එදින රැුය පහන් වේගන එන වේලාවේදී, තම ඥාති පුත්ර හැරීගේ
කාමරයෙන් නිකුත් වූ බස්සකුගේ මොරදීමකින් වර්නන් ඩර්ස්ලී මහතා නින්දෙන් අවදි
වී තිබුණේය. ”ජංජාලය යි! මේ සතිය තුළ තුන්වැනි පාර!” කෑම මේසයේ අනෙක් පස
වාඩි වී සිටි හැරී දෙස බලමින් හේ ගෙරෙව්වේය.
”උඹට ඔය යස්ස බස්සාගේ කට
වහන්ඩ බැරි නම් ඌ මේ ගෙදරින් පන්නන්ඩ ඕනි!” ”එයාට මෙහේ කම්මැලියි” හැරී
කරුණු පහදන්නට විය. ”එ්කිට පුරුදු රාත්රියේ එහේ මෙහේ ඉගිලෙන්ඩ යි. එයා
රාත්රියේ පිටතට අරින්ඩ පුළුවන් නම් රවුමක් ගහලා එන්ඩ....” ”උඹ හිතන්නේ
මාව තම්බන්ඩ පුළුවන් කියලාද?” වර්නන් බාප්පාගේ මුව, බදින ලද බිත්තරවලින්
පිරී තිබිණ. බදින ලද එක් බිත්තර කෑල්ලක් ඔහුගේ මුවෙන් පිටතට එල්ලෙමින්
තිබිණ. ”ඔය සතා එළියේ රවුම් ගහන්ඩ ගියොත් වෙන්නේ මොනවාද කියලා මම දන්නේ
නැද්ද?”...
Harry Potter Saha Rahas Kutiya - හැරී පොටර් සහ රහස් කුටිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - J K Rowling - ජේ කේ රෝලිං
- - Abhaya Hewawasam - අභය හේවාවසම්
- ISBN: 9789555736237
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150